Spread the love

අරලියගහ මන්දිරය හා ගාලු‍ මුවදොර අසළ සාමකාමී අරගලයක නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සමග තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩගුවට ගත් අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බවයි සඳහන් . ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 ක් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.