Spread the love


නිමල් රාජපක්ෂ-

කදාන හා පුබුදුගම යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රවාහනයට සුදානම් කර තිබු රුපියල් පහලොස් ලක්ෂයක් වටිනා නිති විරෝධි මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ජාඇල සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
ජාඇල,මීගමුව හා මීරිගම යන සුරාබදු ස්ථානවල නිලධාරීන් රාත්‍රියක් පුරා මෙම මෙහෙයුම දියත්කොට තිබිණ. මෙහිද කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රැගෙන යාමට සුදානම් කර තිබු කසිප්සු ලීටර් 1150 අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

කදාන ප්‍රදේශයෙන් කසිප්පු ලීටර් 550 ක් සමගින් එක් සැකකරුවකුත් ,පුබුදුගම ප්‍රදේශයෙන් කසිප්පු ස්ප්‍රීතු ලීටර් 600 ක් සමගින් සැකකරුවකුත් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරින් ට හැකිවී තිබේ.සෑකකරුවන් කාලයක් තිස්සේ ඉතා රහසිගතව රාත්‍රි කාලයේ මත්පැන් ප්‍රවාහනය ඉතා සරුවට කරගෙන ගොස් ඇතැයිද පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරුවන් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිීරීමෙන් පසු සැකකරුවන් දෙදෙනාට රුපියල් 250 000 /දඩ මුදලක් ගෙවන ලෙස මහෙස්ත්‍රාත් වරයා නියම කොට ඇත.

සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ජාඇල සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණයෙන් , ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ , මීගමුව සුරාබදු පරික්ෂක පිලපිටිය, මීරිගම සුරාබදු පරික්ෂක නිරෝෂ් යන මහත්වරු ජාඇල ,මීරිගම හා මීගමුව යන සුරාබදු ස්ථානවල නිලධාරීන්‌ගේ සහාය ඇතිව මෙම වැටලිම් සිදුකළහ.