Spread the love


නිමල් රාජපක්ෂ

වත්මන් රජයේ 2025 වසරේ අයවැය යෝජනාවක් ලෙස මුලතිව් – පරන්තන් මාර්ගයේ නන්දිකඩාල් කළපුව හරහා ඉදිකිරීමට යෝජිත වට්ටුවාකල් පාළම රුපියල් මිලියන 1900 ක වියදමකින් ඉදි කරන බව ප්‍රවාහන,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
එම පාලම ඉදිකිරීම සදහා මේ වසරේ රුපියල් මිලියන 1000 ක මුදලක් අයවැය මගින් වෙන් ‌කොට ඇතැයද කීවේය.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ ඊයේ නන්දිකඩාල් කලපුව හරහා ඉදිකිරිමට යෝජිත වට්ටුවාකල් පාලම නීරීක්ෂයට ගිය අවස්ථාවේදීය.
මෙහිදී අදහස් අමාත්‍යවරයා ,මේ වන විට පාළමේ සැලසුම් කටයුතු නිමවී ඇති බවත් ප්‍රසම්පාදන කටයුතු වලට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් පැවසී ය. ප්‍රසම්පාදන කටයුතු අවසන් වීමෙන් පසුව කඩිනමින් පාළමේ වැඩකටයුතු ඇරඹීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.පාලම ඉදිකිරිමෙන් පසු මේ ප්‍රදේශයේ ජනතාවට අපහසුවකින් තොරව ගමන් කිරීමට හැකිවනු නොඅනුමාන බවත් විශාල පහසුවක් අත්වන බවත් පැවසුවේය.
.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වගනම් ජෙගදීස්වරන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.