Spread the love

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ සැමියා ලෙස හැදින්වෙන ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයා අද පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිසිය විසින් අද දිනය පුරා සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ඉසුරු බණ්ඩාර නැමැත්තා පවසා ඇත්තේ තමන් තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා නොවන බවත් පෙම්වතෙකු පමණක් බවත්ය.

තමන්ට ඇය විසින් අමතන ලද්දේ ‘අප්පච්චි’ නමින් බවද ඔහු සඳහන් කර ඇත.

තිළිණි ප‍්‍රියමාලි විවාහක කාන්තාවක ය තමන් දැන ගත්තේ දැනට මාස දෙක තුනකට පමණ පෙර බවද ඔහු පවසා ඇත.

සංචාරක හා මැණික් ව්‍යාපාරික සම්බන්ධ තමන්ගෙන්ද තිළිණි ප‍්‍රියමාලි මුදල් සහ රත්රන් වංචා කර ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.