නිමල් රාජපක්ෂ-
රට ගැන හිතන සැබෑ විපක්ෂක් තිබේ නම් දේශීය ණය ප්‍රශස්තීකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් හෝ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
.ඇමතිවරයා එසේ පැවසුවේ රුවන්වැල්ල රාජසිංහ විදුහල් ක්‍රිඩාංගණයේ පැවැති පාසල් වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට අද (01) එක්වෙමිනි.
මෙරට බැංකු පද්ධතියට හෝ EPF, ETF අරමුදල්වලට මෙමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවට සහතික කර තිබිය දී පවා විපක්ෂයේ ඇතැමුන් විවිධ ගැටලු මතු කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම යෝජනාව අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා සඳහන් කළේ පාට කණ්ණාඩිවලින් බලන යුගය අවසන් කළ යුතු බවයි. මෙම අසාමාන්‍ය අවස්ථාවේ අසාමාන්‍ය ලෙස සිතා කටයුතු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා යළි රට අර්බුධකාරී යුගයකට රැගෙන යාම ඇතැමුන්ගේ අරමුණ වී ඇති බව ද කියා සිටියේ ය.
