Spread the love

පාතාල සාමාජිකයන්ගෙන් සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන එල්ලවීම නිසා නීතිඥවරියක විදෙස්ගත වී ඇයට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කඩවත පොලිසියට ද ඇය පැමිණිලි කර ඇත.

පාතාල සහ මත්කුඩු ජාවාරම්කරුවන් බව කියන සැකකරුවන් වෙනුවෙන් ඇය පෙනී සිටීම නිසා වෙනත් පාර්ශ්වයන් ගෙන් මෙම තර්ජන එල්ල වන බවට සැකකර ඇත.

මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඇය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ මහත්වරුන් පත්කර ඇත. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දීමක් සිදු කළහොත් ඒ සඳහා ඉදිරිපත් වන බව ද ඇය ප්‍රකාශ කරයි.

නීතිඥවරියට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කඩවතපොලිසියේ උසස් නිලධාරියෙක් කළ විමසීමේ දී පැවසීය.