කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (31) යෙදී තිබෙනවා.
දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ඇත.
මේ අතර අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන්, පාස්කු දේව මෙහෙයන් පවත්වනු ලබන සියළුම කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුණු දේවස්ථාන 1873ක පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් පවත්වන ලබන අතර ඒම දේවස්ථාන හා ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6522ක් , පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2746 දෙනෙකු යෙදවීමට නියමිතයි.
