Spread the love

නිමල් රාජපක්ෂ-

මාර්ග ගත ක්‍රමවේදය ඹස්සේ විදෙස් ගමන් බලපත්‍රය ළගදිම නිකුත් කිරිමට ආගමන විගමන දෙපාර්තුමේන්තුව තීරණය කරයි. තම විදෙස් ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමවේදය ඹස්සේ ඉල්ලුම් කර දින තුනකින් නිවසටම ලබා දිමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ අතිරේක පාලක ජනරාල් ඉමල් ගුණවර්ධන මහතා පවසයි.


මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම සදහා මේ දිනවල නිලධාරීන් පුහුණු කෙරේ.
ඹබට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලුම් පත පුරවා ඹන්ලයින් ක්‍රමය ඹස්සේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවට මේල් කරන්න . ඒ සදහා අවශ්‍ය ගාස්තුවද කෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් මගින් ගෙවීම් සිදුකොට සබ්මිට් කල විට ඹබට අවශ්‍ය ළගම තිබෙන ප්‍රාදේශීය කාර්යාලයට ගොස් ඇගිලි සළකුණ තැබිය හැකිය . එසේ ඇගිලි සළකුණ තබා දින තුනක් ඇතුලත ඹබගේ නිවසටම කුරිය සේවාවක් මගින් විදෙස් ගමන් බලපත්‍රය ලැබෙනු ඇත.
දැනටමත් ඇගිලි සළකුණු තැබිම සදහා අදාල පහසුකම් දිවයින පුරා ඇති ප්‍රදේශිය ලේකම් කාර්යාල පනහකට ලබා දී ඇතැයි ඉමල් ගුණවර්ධන මහතා ශ්‍රී රාජ් මාධ්‍යයට පැවසුවේය..

සේවා පියස-

ඹබට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනිටම අවශ්‍යද ? ඒ සදහා කිසිදු තැරැව් කරුවකුට හසු නොවන්න . ඹබ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ සේවා පියසට පැමිනෙන්න.
එහි එන සියළුම දෙනාට දිනයක් වෙන්කල හෝ නොකල ඹබට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනිමට හෝ සාමාන්‍ය සේවාව යටතේ විදේස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යනම් අදාල සේවාවන් නොපිරිහෙලා ඉටු කරනු ඇති.
පෙරවරු 8.30 සිට 11.30 දක්වා සේවා පියස මගින් දිනපතාම සේවාවන් සපයනු ඇත.මේ සදහා කිිසිදු තැරැව් කරුවකු අවශ්‍ය වන්නේ තැන. පිටස්තර පුද්ගලයින්ට හසු නොවන්න.

ශාඛා-
මීට අමතරව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව මහනුවර ,වව්නියාව ,කුරුණැගල හා මාතර යන ශාඛා කාර්යාල වලිනුත් ගමන් බලපත්‍ර ලබාගත හැකි බවද ඉමාල් ගුණවර්ධන මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ගුණවර්ධන මහතා ,මෙතෙක් පැවති N කාණ්ඩයේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පණ්විඩය ලැබී තිබෙනවා තම ජීවදත්ත ඇතුළත් (චිප් එක සහිත) E කාණ්ඩයේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කරන්න කියා. E විදෙස් ගමන් බලපත්‍රය සදහාද කැබිනට් අනුමැතිය ලැබි ඇතැයිද ගුණවර්ධන මහතා පැවසුවේය

තවදුරටත් අදහස් දැක්වු ඉමල් ගුණවර්ධන මහතා,

වීඩියෝව නරඹන්න SUBSCEIBE කරන්න

E විදෙස් ගමන් බලපත්‍රයේ වැදගත්කම වනුයේ තමන්ගේ ජීව දත්ත පරික්ෂාවේදි ගමන් බලපත්‍රය දරන්නාගේ තොරතුරු සක්සුදක් සේ තහවුරු කර ගැනීමේ පහසුව ඇතිවන බවයි.
නව ක්‍රමවේදයන් හරහා නුදුරේදිම ඹන්ලයින් පාස්පොට්එක (විදේස් ගමන් බලපත්‍රය)නිකුත් කිරිමට පියවර ගැනීමේදි ජනතාවට විශාල පහසුකම් රැසක් ඇතිවන බවත් .තැරුව්කරුවන්ට තිත තැබිය හැකි බවත්, පෝලිම්වල වරු ගණන් දිනගණන් රස්තියාදු වීමට අවශ්‍ය වන්නේ නැති බවත් ඉමල් ගුණවර්ධන මහතා ශ්‍රී රාජ් මාධ්‍යයට පැවසුවේය.