Spread the love

සිංහල අවුරුදු සමයේ අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි.

එසේම  එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාවද එම දිනවල සිදු නොකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්. ඩී. නිලූෂා බාලසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.