Spread the love

නිමල් රාජපක්ෂ-

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ පැය තුනක කාලයක් සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගින් 38 දෙනෙකු කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුම ඊයේ පෙරවරු 6.00 සිට 9.00 දක්වා කාලය තුළ සිදු කල අතර බොහෝ මගීන් ප්‍රවේශපත්‍ර නොමැතිව කාලයක් තිස්සේ ගමන් කර ඇතැයි ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරනය වී තිබේ.

අත්අඩංගුවට ගත් මගීන්ගෙන් ඒ මොහොතේම එක්ලක්ෂ දහසය දාස් තිස් අටක මුදලක් අයකර ගත් බව කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී ජේ. කුමාර සිංහ මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරි එන්.පී ජයන්ත මහතාගේ අධීක්ෂණය මත , කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී ජේ. කුමාර සිංහ , දුම්රිය සාමාන්‍යාධිකාර්යාලයේ කාර්යභාර නිලධාරී විජයරත්න , කොටුව ආරක්ෂක රුවන් ඒකනායක , කාන්තා ආරක්ෂිකා ස්වර්ණා ගීකියනගේ ඇතුලු නිලධාරීන් 29 දෙනෙකු මෙම වැටලිම සිදු කළහ.