Spread the love

පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන විවිධ අපරාධ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු විදේශ ගතව සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමේදී 2025.03.13 වන අද දින අළුයම් කාලයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව හා ඔහුට එරෙහිව ඇති අපරාධ සම්බන්ධ විස්තර :-

නම – බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන්
වයස – අවුරුදු 36
ලිපිනය – අංක 129/8, ජම්පටා වීදිය,කොළඹ 13

  • 2015.03.03 වන දින හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මෝදර පොලිස් ස්ථානය මඟින් මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා වරෙන්තු නිකුත්වී ඇත.
  • 2015.09.12 වන දින කොටහේන පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ අපරාධයක සැකකරුවෙකු වන අතර මෙම නඩුව සඳහා සැකකරුට එරෙහිව අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇත.
  • 2017 වර්ෂයේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවක් සඳහා සැකකරුට විවෘත වරෙන්තු නිකුත්වී ඇත.
  • 2018.06.24 වන දින වෙරළබඩ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවක් සඳහා සැකකරු