හක්මණ දෙනගම ප්රදේශයේ හෙරොයින් ජාවාරමක නිරතවූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 9ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හක්මණ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ග්රෑම් 6යි මිලිග්රෑම් 470ක් පොලිස් භාරයට ගෙන ඇත.
අද උදෑසන අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව පොලීසිය විසින් හක්මණ දෙනගම බටහිර ප්රදේශයේ පිහිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබේ.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී අලෙවි කිරීමට සකස් කර තිබූ හෙරොයින් ග්රෑම් 3යි මිලිග්රෑම් 150ක ප්රමාණයක් පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව ඇත.
අනතුරුව සෙසු සැකකරුවන් 7 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙනගම, හක්මණ , කතරගම හා තිස්ස යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 38 යන වයස්වල පසුවන බව අනාවරණය වී තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා දෙයියන්දර පොලීසියට අනුයුක්තව රාජකාරී කර තිබේ.
සැකකරුවන් හෙට දෙයියන්දර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
