Spread the love

වාද්දුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිව්දෙනා ඇපමත මුදා හැර  තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ ඊයේ (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු සිව්දෙනා අද  (13) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබේ.

එමෙන්ම විනයානුකූලව කටයුතු කිරීම සඳහා මෙම සිව්දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.