Spread the love

පිට පළාත්වල සිටින දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් විශේෂ රාජකාරි සඳහා (16) අද දිනයේ කොළඹට කැඳවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
එලෙස ගෙන්වනු ලබන නිලධාරීන්හෙට (17) සිට ලබන (20) සිකුරාදා දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට නියමිතයි.
උතුරු ,ඌව, දකුණ, සබරගමුව යන පළාත් වලින් සහ පොලිස් විද්‍යාලයේ සිටින නිලධාරීන් මෙලෙස කොළඹට කැඳවා තිබේ.
එම නිලධාරීන් සියලු දෙනා ජාතික හා පොලිස් හැඳුනුම්පත, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් හා නිළ මුගුර, රැගෙන පැමිණ යුතු බව දැනුම් දී තිබේ.
මේ අතර දිවයින පුරා පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප‍්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බව දන්වමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා විසින් එය නිකුත් කර තිබේ.දිවයින පුරා සිටින සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එම චක්‍රලේඛනය මේවන විට යොමු කර තිබේ.ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් හා විවිධ අපරාධ වල නිරත වීම සඳහා සිදුකරන පෙළඹවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් හෙළිකරගත් තොරතුරු වලට අනුව ඒවා වැළැක්වීම සඳහා මෙම පියවර ගත්බව පොලිස් මූලස්ථානය පවසයි.
එවැනි ක‍්‍රියා වැළැක්වීම සඳහා උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ. අවශ්‍ය අවස්ථාවන්වලදී වෙඩි තැබීමට අවශ්‍ය උපදෙස් ද ලබාදී තිබේ.සිදුවිය හැකි අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්විමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගතයුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ චක‍්‍රලේඛයේ දැක්වෙයි.