Spread the love

රට පුරා පළාත් පාලන ආයතනවල නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී ඒවායේ බලය රාජ්‍ය නිලධාරීන් යටතට පත් වී ඇත.

ඒ අනුව අද දිනයේ සිට එම සියළු සභාවන්හි බලය ක්‍රියාත්මක කරවන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන් විසිනි.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති බහුතරයක ජයග්‍රහණය වාර්තා කළ අතර ඉන් පත් වූ මන්ත‍්‍රීවරුන් සියලු දෙනාම සභික ධුර ඊයේ රාත්‍රියේ සිට අහෝසි වී ඇත.

එම තත්ත්වය මත දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතිරි වී සිටින්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී පිරිස පමණක් උන් අතර එම මන්ත්‍රීවරුන්ද කොටස් කිහිපයකට බෙදී වෙනස් දේශපාලන ගමන් අරඹා ඇත.