නිමල් රාජපක්ෂ-
පොහොය දින සියලුම මත්පැන් අලෙවි කරන ස්ථාන වසා තැබිය යුතු වුවද අදාල කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කරමින් තිබු රටබීම හලකට ජාඇල සුරාබදු නිලධාරින් ඒ මොහොතේම සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ උපදෙස් මත සිල් තබා ඇත.
මේසේ සීල් තැබු රටබීම හල පිළිබද වැඩි දුර විමර්ශන පවත්වා ඉදිරියේදි බලපත්‍ර ලාභියා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු නියම කිීරීමට නියමිතයි.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ , සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරි ජයසංඛ මහතාගේ අ ධිික්ෂණය යටතේ ,ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක රසික විජේසිංහ ,කෝප්‍රල්වරුන්වන බණ්ඩාර,මින්තක ,කාන්තා කෝප්රල් දීප්ති , නියාමක සුපුන්,රියදුරු ධනුෂ්ක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
