Spread the love

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැළලාගෙන තිබෙනවා.

පසුව නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම රැඳවියා බිම්සර අමල් නමැත්තෙකු වන අතර, ඔහුව මේ වන විට කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.