Spread the love

නිමල් රාජපක්ෂ-


කඩවත ගෝනහේන ප්‍රදේශයේ ගම් දෙකක් යා කෙරෙන බස් රථයක් ධාවනය වු මාර්ගයක හොදට තිබුණ පාලමක් කුඩා බව පවසමින් කඩා දැමුවත් දින 14 කින් සකස් කරන බවට බලධාරීන් පොරොන්දු වුවත් වසර ගතවීත් එය පිළිසකර නොකිරීම හේතුවේන් ඊයේ රාත්‍රි 10.30 පමණ යතුරු පැදි කරුවකු අනාරක්ෂිත පාලමේ වැදී ජිවිතක්ෂයට පත්විය.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගණේමුල්ල පේමානන්ද මාවතේ අංක 45-1-B දරණ නිවසේ පදිංචි 33 හැවිරිදි කසුන් සමීර නැමැති තරුණයෙකි.

අනතුර සිදුවු ස්ථානය
මීට වසර ගණනාවකට පෙර සිය මව මියගොස් ඇති අතර පියාද පිලිකාවක් සෑදි ප්‍රතිකාර කරමින් සිටි .පියාගේ රෝගී තත්ත්වය ප්‍රතිකාර සදහා වියපැහැදම් කරන්නේද කසුන් සමීරයි. ඹහු පුද්ගලික ආයතනයක රැකියාව කරයි .පවුලේ රැකියාවක් කරන එකම පුතු මිය යාමෙන් මේ පවුලේ අනික් අය ජීවත් වන්නේ කෙසේද , රෝගි පියාට බෙහෙත් අරන් දෙන්නේ කවු ද .

-මියගිය කසුන් සමීරගේ පියා-

ආකාලයේ මේ තරුණ ජිවිතය මෙලොව හැර ගියේ කාගේ වරදින්ද . පාරවල් හදන්න කොන්ත්‍රාත් ගන්නා දේශපාලකයින් ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් තරුණ ජිවිතයක් මෙලොවින් තුරන් විය . නමුත් ඒ තුළින් පවුලක්ම අන්ත අසරණ තත්ත්වය ට පත්වුහ .

වීඩියෝව නරඹන්න subscribe කරන්න

ජනාධිපතිතුමණි ඹබතුමාගේ අවධානය යොමු කොට කබලෙන් ලිපට වැටුන මේ පවුලට පිහිට වන්න. ඊයේ රාත්‍රියේ තරුණයා අනාරක්ෂිත පාලමේ හැපී මිය යාමෙන් පසු පාලම හදන්න බාරගෙන සිට කොන්ත්‍රාත් කරුවන් ද ප්‍රදේශය අතහැර ගොස් ඇතැයිද ප්‍රදේශ වාසීන් පවසයි. මෙවැනි තවත් ජීවිත අහිමි වීමට පෙර ජනාධිපතිතුමණි මේ පිළිබදව ඹබතුමාගේ අවධානය යොමු කොට කරන්නැයි ප්‍රදේශ වාසීන් ඉල්ලා සිටී.