Spread the love

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ  මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක්පාරෙන් ඉවතට පැන තේ වත්තකට පෙරලී සිදු වු අනතුරකින්ක් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබේ.