මීරිගම පස්යාල ප්රධාන මාර්ගයේ මල්ලැහැව ප්රදේශයේදී පුද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනාම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 25 හා 35 වයස්වල පසු වූ අමිතිරිගල හා දෙහිඕවිට ප්රදේශවල පදිංචිකරුවන් වේ.
අනතුරට සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
