Spread the love

බ්‍රිතාන්‍යයේ සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම මාසයේ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු මුල් කර ගනිමින් එම වර්ජනය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ලබන 24, 25 සහ 30 යන දිනයන්හි එම වැඩවර්ජනය කිරීමට නියමිත බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල 150ක 70,000ක කාර්ය මණ්ඩලයක් වර්ජනයට සහභාගී වනු ඇති බව සඳහන්ය.

එම වර්ජනය සඳහා ඇතැම් සිසුන් ද සහාය දැක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.