Spread the love

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

මීට පෙර රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය නොකළ අතර රාජ්‍ය ආයතන විසින් බිල්පත් ගෙවීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එම තීරණය ගත් බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.