Spread the love


නිමල් රාජපක්ෂ

කල්පිටිය නගර සීමාවේ, ඒ 7 මාර්ගයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හතලිස් තුනක (643) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) පෙරේදා (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව කල්පිටිය නගර සීමාවේ ඒ 7 මාර්ගයේ,දී මෙම බීඩි කොල තොගය කොටු කර ගැනීමට නාවික හමුදාව සමත්විය.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 41ත් වන කල්පිටිය තලවිල සහ පාලවිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත.
එම සැකකරුවන්, කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදී තිබේ.