Spread the love

බුදුසරණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රුවන් ඩී අරත්තනගේ මහතා (73) අභාවප්‍රාප්තවිය.
පාසල් වියේ සිටම මිහිර බුදු සරණ, ජනතා, දිනමිණ පුවත්පත්වලට යැදි පැදි නිර්මාණ දායකත්වය සැපයු ඒ මහතා 1975 දී ලේක්හවුස් ආයතනයට එක්විය.
1995 දී බුදු සරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් වූන අරත්තනගේ මහතා 2008 වසරේ විශ්‍රාම යාමෙන් පසු සරසවි සඳරැස පුවත්පතේ ප්‍රධාන සංස්කාරක තනතුර දැරීය .
ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති ලෙසද කටයුතු කළ ඒ මහතා ග්‍රන්ථ 18 සංස්කාරක වරයයතු වූ අතර ‘‘ නිල්ල දකිනතුරු‘‘ කාව්‍ය සංග්‍රහයේ කර්තෘවරයාද වේ.
රුවන් ඩී අරත්නගේ මහතා කලා භූෂණ සම්මාන (ජනමාධ්‍ය අංශය) ලාභියෙකුද වේ.
ඔහුට ලේක් අවුස් ආයතනයේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අභ්‍යන්තර විගණකය නෙළුම් අරත්නනගේ මහත්මියගේ ආදරණීය පියාණන්වේ.
අරත්තනගේ මහතාගේ දේහය ගෝනපොල හන්දිය ,කුඹුක (උතුර)නො 145 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) සෙනසුරාදා සවස 4.00 ට හොරණ ආදාහනාගාරයේදි සිදු කෙරේ.