Spread the love

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස්, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්, රන්දෙණිගල ඩිස්ටිලරීන් සහ සිලෝන් රෝයල් හෙවත් වයඹ ඩිස්ටිලරීස් සහ සිනර්ජී යන සමාගම්වල නිෂ්පාදන හා අලෙවි බලපත්‍ර මෙලෙස අහෝසි කර තිබේ. එම සමාගම් 5 න් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 6 කට වැඩි හිඟ බදු මුදලක් පවතින බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.