නිමල් රාජපක්ෂ-
මත්පැන් වැඩිමිල අලෙවි කල මොනරාගල රටබිම හල වහාම ක්රියාත්මකවන පරිදි අද (22) සවස සීල් තැබු බව සුරාබදු කොමසාරිිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසි.
අදාල සුරාබදු ස්ථානයේ මත්පැන් වැඩි මිලට අලෙවි කරන බවට ලද මහජන පැමිණිලි මත ඊයේ(21) දිනයේ කල පරික්ෂාවකදි අරක්කු බෝතලයක් රුපියල් 250 ක් වැඩියෙන්ද ,බියර් බෝතලයක් රුපියල් 40 ක්ද වැඩියෙන් අලෙවි කර තිබු අතර සුරාබදු නිලධාරීන් ඊයේ(21)කාන්ති රටබීම හලේ බලපත්ර ලාභියාට අවවාද කර පැමිණ තිබේ.
නමුත් රටබීම හලේ මත්පැන් දිගින් දිගටම වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් සුරාබදු නිලධාරීන් අද(22) දිනයේත් කල පරික්ෂාවකදි මත්පැන් වැඩිමිල ට අලෙවි කිරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා වහාම රටබීම හල සීල් තැබීමට නියෝග කොට ඇත.
බලපත්ර ලාභියා දිගින් දිගටම වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ඉදිරියෙදී අදාල සිද්ධිය පිළිබද පරික්ෂණයක් පවත්වා දඩුවම් පැමිණවිමට නියමිතයි.
දිවයින පුරා මත්පැන් වැටලීම් සිදුකරන අතර වැරදි සිදු කරන කිසිදු පුද්ගලයකුට සමාවක් නොදෙන බවද සුරාබදු කොමසාරිස් වරයා තරයේ කියා සිටියේය.
