Spread the love

දිවයිනේ අද (02) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුකර වැටලීම් 07 කින් හෙරොයින් ග්‍රෑම් 38 මිලිග්‍රෑම් 490 සමඟ පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යාපනය ,නිට්ටබුව ,ග්‍රෑන්ඩ්පාස් ,මාලබේ ,පෑලියගොඩ සහ මීරිගම පොලිස් බල ප්‍රදේශ වල වැටලීම් සිදුකර තිබේ.

සැකකරුවන් අද ඒ ඒ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැටලීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.