නිමල් රාජපක්ෂ
ඇමරිකා එක්සත් ජනපදයේ සිට මධ්‍ය තැපැල් හුවමාරුවට එවා තිබු රුපියල් මිලියන 32 ක් වටිනා කංසා තෙල් අඩංගු පාර්සලයක් ඉවත් කිරීමට උත්සාහ දැරු රේගු පරීක්ෂකවරුයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පාර්සලය මාලබේ පදිංචි පුද්ගලයකුගේ නමට තැපැල් මගින් එවා තිබු අතර රේගු නිලධාරීන් නොමග යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකවරයෙකු පාර්සලය ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන්ගේ සුපරික්ෂාකාරී බව හේතුවෙන් කැනබිස් තෙල් කිලෝ ග්‍රෑම් 3.2 ක් සමගින් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවු බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
මෙහිදී අදාල රේගු පරීක්ෂකවරාගේ සේවය අවසන් කිරීමේ හැකියාව සහිතව වැඩ තහනමට ලක්කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
