ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් අද අළුයම ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇති තරුණිය එංගලන්තයේ පදිංචිකාරිණියකි.ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.
අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අදාළ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන ඇති ඇය, පසුගිය අප්‍රේල් මස ලංකාවට පැමිණ එහි පදිංචිව සිට ඇත.
හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු අතර අද අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
