Spread the love

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත

. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහ​ඳගම, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වනවා. මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් ​ද තහනම් කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.