Spread the love

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් වලට මාස තුනක් යනතුරු අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර ඇත.

එහිදී හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිතයි. එම තීරණය ගෙන ඇතිබව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ. මුදල් අමාත්‍යවරයා හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අමතර දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

කාණ්ඩ කිහිපයක් යටතේ එම දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙන දැනට රු 2,000ක් ලබන වැඩිහිටි දීමනාවට අමතරව රු3,000ක් එකතු කර රු 5,000ක දීමනාවක්ද, දැනට වයස අවුරුදු 100ට වැඩි වැඩිහිටි දීමනාව ලෙස රු 5,000ක ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතරව රු 2,500ක මුදලක්ද, වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛන ගතකර සිටින අයට රු 5,000ක දීමනාවක්ද, දැනට ආබාධිත දීමනාව ලෙස රු 5,000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතරව රු 2,500ක මුදලක්ද, ආබාධිත දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට රු 5,000ක දීමනාවක්ද, දැනට වකුගඩු රෝගීට ලබාදෙන රු 5,000ක දීමනාවට අමතරව රු 2,500ක මුදලක්ද, වකුගඩු රෝගී දීමනාවට ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින ජනතාවට රු 5,000ක්ද, දැනට සමෘද්ධි දීමනාව ලබන ප්‍රධාන කාණ්ඩ 3ක පුද්ගලයින්ට සහ පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට අමතර දීමනා හිමිවේ.

ඒ අනුව දැනට රු 1,900ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ. මෙහිදී දැනට රු 3,200ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ.

දැනට රු 4,500ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,000ක මුදලක් හිමිවේ.