Spread the love

ජාතික ජන බලවේගය බලයට පත්වී ගතවූ මාස පහක කාලය ඇතුළත බිලියන 6000ක මුදලක් ණය අරගෙන ඇතැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙතරම් ණය මුදලක් ලබාගෙන ඇත්තේ රටත් ජනතාවත් උකසට තබා බවත් හෙතෙම චෝදනා කරයි.

රස්සාවක් නොකර ව්‍යාපාරයක් නොකර කුඹුරක් පිටියක් නොකර සිල්ලර කඩයක් හෝ නොර මුදල් උත්පාදනය කරන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.