නිමල් රාජපක්ෂ-
.
වැල්ලවාය, තනමල්විල , නුවර ඇතුළු ප්‍රදේශ රැසක සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 740 ස් දෙනෙකු නිතියේ රැහැනට ගෙන අධිකරණ වෙත ඉදිිරිපත් කොට රුපියල් පනස්ලක්ෂ අනුපන්දහස් දෙසියපහනක (5,095,250/-) දඩ මුදල් ආදායමක් රජයට ලබාදීමට මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වි ඇත.

නිතීවිරෝදි ලෙස සාදන ලද ස්ප්‍රිතු ළග තබා ගැනීමේ ග්‍රහණ 445ක්, බලපත්‍ර නොමැතිව රජයේ අනුමත ධාන්‍ය මත්පැන් විකිණීමේ ග්‍රහණ 115ක්, නිතිවිරෝධී ලෙස ස්ප්‍රීතු පෙරිමේ ග්‍රහණ 79ක්, බලපත්‍ර නොමැතිව රජයේ අනුමත අරක්කු විකිණීමේ ග්‍රහණ 44ක්, බලපත්‍ර නොමැතිව රා විකිණීමේ ග්‍රහණ 17ක්, නිතීවිරෝදි ලෙස ගංජා වගා කිරිමේ ග්‍රහණ 11ක්, බඳු නොගෙවූ සිගරට් ලඟ තබා ගැනීමේ ග්‍රහණ 06ක්,නිති විරෝධී ලෙස ගංජා ලඟ තබා ගැනීමේ ග්‍රහණ 06ක්, නිතී විරෝධී ලෙස ගෝඩා ලඟ තබා ගැනීමේ ග්‍රහණ 03ක්, තහනම් දුම්කොළ නිෂ්පාදනයක් වන තූල් ලඟ තබා ගැනීමේ හා විකිණිමේ ග්‍රහණ 03ක්, පොදු ස්ථානවල දුම් පානය කිරිමේ ග්‍රහණ 02ක්, බදු නොගෙවු සිගරට් විකිණීමේ හා ලඟ තබා ගැනිමේ ග්‍රහණ 01ක්, බදු නොගෙවු සිගරට් ලග තබා ගැනිමේ ග්‍රහණ 01ක්, බලපත්‍ර නොමැතිව රා විකිණීම හා සීමාව ඉක්මවා ළග තබා ගැනිමේ ග්‍රහණ 07 ක් සිදු කොට ඇතැයි මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත ආරියකුමාර මහතා පවසයි.

මෙම වැටලීම් වලදි තනමල්විල හා වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමානයෙන් වගා කරතිබු ගංජා හේන් දෙකක් වටලා ගංජා ගස් සියල්ල විනාස කොට සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණවීමටද පියවර ගෙන තිබිණ.

ජනවාරි මසයේ සිට ඹක්තෝඹර් 30 දක්වා වු මාස දහයක් තුළ කළ සෝදිසි මෙහෙයුම් වලදී අදලා බලප්‍රදේශයේ හෝටල් ආපන්ශාලා , කැරෝකී ආපනශාලා හා රටබීම හල් වල කල පරික්ෂාවන්හිදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කළ බලපත්‍ර ලාභින්හට කාර්මික අපරාධ වාර්තා ඉ දිරිපපත් කොට රුපියල් එක්ලක්ෂ පනස්හත්දහස් පන්සියයක (157,500/-) සමථ ගාස්තුවක් අයකර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, මහනුවර සුරාබදු අධිකාරි නාලක පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ජයන්ත ආරියකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ, සුරාබදු පරීක්ෂකවරුන් වන කැකුලන්දර, දිසානායක ,සීමන්තආරච්චි, සැරයන් 872 රත්නායක , කෝප්‍රල්වරුන්වන 671 උක්වත්තගේ, 947 සිල්වා, නියාමකවරුන්වන 1089 බක්මීදෙණීය, 1150 බණ්ඩාර ,1177 වීරකෝන්,රියදුරන්වන බණ්ඩාර, සිරිල්වංශ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
