2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබන අතර මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී 2025.03.12 වන දින රාත්‍රී කාලයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන අඟුලන්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මෙම සැකකරු පදිංචිව සිටි අගුලන්දෙණිය, කටුවන ප්‍රදේශයෙන් පලාගොස් දියතලාව ප්‍රදේශයේ සැඟව සිට 2025.03.12 වන දින කටුනායක ගුවන්තොටුපලෙන් ඩුබායි රාජ්‍යය බලා පිටව යාමට ගුවන්තොටුපලට පැමිණ සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු මිද්දෙණිය පොලිසියට භාරදීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකාරියක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි .
