Spread the love

මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ලබන 31 වනදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කර තිබේ.අදාළ යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගත්තේය.එය ඊයේ (20) දිනයේදී ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන එනු ලැබීය.