Spread the love


නිමල් රාජපක්ෂ-

ඩුබායි සිට නිීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 123 ක් වටිනා රන්බිස්කට් තෙගයක් සමගින් මගීන් 4 දෙනෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් තිදෙනකු සිටි අතර රන්බිස්කට් 30 ක්ද සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

සැකකරුවන් අද උදෑසන ඩුබායි සිට පැමිණි FZ 569 හා UL 226 දරන ගුවන් යානා වෙන් මෙරටට පැමිණ තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.