Spread the love

නිමල් රාජපක්ෂ

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්.

අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම ඊයේ (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

ඒ අනුව නුවර දිස්ත්‍රික්ක‌යේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් නිල වශයෙන් කැබ් රථ බාරදීම මෙහිදී සිදු විය.