නිමල් රාජපක්ෂ-
රුපියල් මිලියන 300 ක් වටිනා කොකේන් තොගයක් රැගෙන මෙරටට පැමිණි 34 හැවිරිදි කෙන්යානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් අද සවස 4 පමණ අත්අඩංගුවට ගෙන ඇත .
දෝහා සිට කටුනායක ගුවන් තොටට පැමිනි QR 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි කෙන්යානු ජාතිකයා පරික්ෂා කිරිමේදි රන්බිස්කට් ටින් 3 ක් හා කෙකේන් කිලෝ 4 සොයා ගත් බව රේගුමාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා අදාල පුද්ගලයා මෙරටට පැමිණ තිබිිණ.
සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදීමට නියමිතයි.
අදාල වරදට වරදකරු වුවහොත් සැකකරුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි බවද සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.
