Spread the love


නිමල් රාජපක්ෂ

ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට සිවගන්ගායි නැමැති මගී යාත්‍රාවෙන් පැමිණි මගියකුගේ ගමන් බෑගයෙ තිබි රුපියල් මිලියන 41.2 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ඉන්දියන් ජාතිකයකු ශ්‍රී ලංකා රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කූෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4120 ක් තිබු බව කන්කසන්තුරේ රේගු නිලධාරින් පවසයි.
33 හැවිරිදි ඉන්දියානු ජාතිකයා රැගෙනවිත් තුබූ විශාල සූට්කේස් දෙක පරීක්ෂා කිරීමේදී ඒවයේ පාවිච්චි කල ඇදුම් පමණක් තිබුනි. නමුත් මෙම ගමන් මළු පිළිබඳව සැක සිතු රේගු නිලධාරීන් ඒවා වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම සූට්කේස්වල සකස්කරනලද ව්‍යාජ ස්ථර තුළ සඟවා තිබු කුෂ තොගය සොයාගන්නා ලදී.
එම කුෂ් තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 41.2 පමණ වේ.
රේගු නිලධාරීන් විසින් මුලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රවය කාර්යංශ වෙත භාර දෙන ලදී