Spread the love

කටාන, මිනුවන්ගොඩ හා මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හා මත්ද්‍රව්‍ය ජාවාරම් නිරත වුවන් 642 කු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කොට රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් රජයට ලබාදීමට මීගමුව සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඹක්තෝඹර් 31 වැනිදා දක්වා මාස දහයක කාලයක් තුළදී කොරෝනා වසංගතයත් ,කාඩර් එකේ විසි දෙනෙකු සිටිය යුතු වුවන් ,දැනට සිටින නිලධාරීන් පහලොස් දෙනෙකුගෙන්ද ,ලබාදෙන තෙල් ප්‍රශ්නයද තිබියදී දැඩි අපහසුතා මැද්දේ මෙම වැටලිම් සිදුකර ඇතැයි මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයසිංහ මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 14 ක් ,නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගත් පුද්ගලයින් 478ක් ,ප්‍රමාණය ඉක්මවු රා ළ ග තබා ගැනීම් 04 ක්,නීති විරෝධී අරක්කු විකිණීම් 01 ක්,විදේශීය මත්පැන් විකිණීම් 36 ක්,හෙරොයින් සන්තකයේ තබා ගැනීම් 41 ක්,ගංජා ළග තබා ගැනීම් 10 ක්,බදු නොගෙවු සිගරැට් ජාවාරමේ නිරත 58 දෙනෙකු කොටු කර ගත් බවද ප්‍රදීප් ජයසිංහ මහතා පැවසුවේය.
මෙහිදි නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර ඇතුළු මත් ජාවාරම් කරුවන්ගෙන් ගෙන් රුපියල් 26 00 000 ලක්ෂයක් වටිනා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට මීගමුව සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව හා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේන්පසු රුපියල් 33 69 000 දඩ මුදලක් අය කර ගැනීමට ද සමත්වී තිබේ.
මීට අමතරව හෝටල් ,ආපනශාලා හා රටබීම හල්වල බලපත්‍ර කොන්දේසි කඩකරමින් සිදුකළ වැරදි සදහා බලපත්‍ර ලාභීන් 171 දෙනෙකුට චෝදනා පත්‍ර ලබාදී ඇත. අදාල බලපත්‍ර ලාභීන් ඉදිරියේදී ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස්තුමා වෙත ඉදිරියේදී ඉදිරිපත් කොට පෙරවරදි ඇද්දැයි සලකා බලා දඩුවම් පැමිණවීමට හෝ බලපත්‍රය අහෝසි කිරීමට නියමිතය.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ , මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රදිීප් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරික්ෂක වරුන් වන අමිල ,ජෙස්මින් ,දිවුල්කුඹුර,සැරයන් මේජර් ඩයස් ,සැරයන් වරුන්වන සමරනායක ,රවි,නියාමක වරුන්වන අතපත්තු,උපුල් ,අජිත්,උපාලි,ධම්මික,රණසිංහ,නියාමිකා දීප්ති ,රියදුරු ධනුෂ්ක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.