Spread the love

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ හෙට (14) රාත්‍රි 7.00 සිට රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය ජනතාවට දැනුම් දී ඇත..

වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහර හෙට (14) රාත්‍රි 7.00 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලබන පෙරහර හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර, කොළඹ – මීගමුව මාර්ගය හරහා ගොස්, පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර, නැවත කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.