Spread the love

මන්නාරම ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් 3178 ක් ඇල්ලූ ධීවරයින් 16 දෙනෙකු සහ යාත්‍රා 05 ක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් ඉරණතිව් දකුණු මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රා 5 ක් මගින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න හා කිමිදුම් උපකරන යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් 3178 ක් අල්ලා සිටියදී එම ධීවරයින් පිරිස හා කිමිදුම් උපකරණද සමගින් ධීවරයින් පැමිණි යාත්‍රා 5 ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලංකාවිල් ,නාච්චිකුඩා, සහ වීරවිල් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 22ත් 52 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් සහ මුහුදු කූඩැල්ලන් සමග ධීවර යාත්‍රාද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා කිලිනොච්චිය සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.