නඩත්තු කටයුත්තක් හේතු කොටගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
අද (09), සිට 11 වැනිදා තෙක් දින තුන ඇතුළත මෙම සීමා කිරීම සිදුවන බවත්, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ද සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
