Spread the love

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අද (14) පෙරවරු 3.00 න් පසු මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 70 -80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසය ඉල්ලා සිටී

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යි.

ඇතැම් ස්ථානවලමි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

ඌව පළාතේත් අම්පාර සහමඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.