Spread the love


නිමල් රාජපක්ෂ-


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරීයේ ලියාපදිංචි හෝටල් ආපනශාලා සහා සංචාරකයින්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සදහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සදහා ලබාදි තිබු අවසරය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා කර තිබු නියෝගය ඉවත්කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම නියෝගය ඉවත්කර ඇත්තේ අභියාචනා අධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 දරණ නඩුවෙහි අධිකරණය විපිස් ලබාදෙන ලද නියෝගයන්ට අනුව යැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආදායම් හා නිති ක්‍රියාත්මක කිරීම් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.