Spread the love

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව එම ආයතනය මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාය.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.