Spread the love

දිවයිනේ විවිධ ප්‍රදේශ වල යතුරු පැදි සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 02 සොරාගන්නා ලද යතුරු පැදි 03 සමඟ අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.

එම යතුරු පැදි නිට්ටබුව ,නාරම්මල හා කිරිබත්ගොඩ පොලිස් වසම් වලදී සොරාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 26 වයස් වල පසුවන පොල්පිතිගම ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

මෙම සැකකරුවන් මීට පෙරද යතුරු පැදි සොරකම් සම්බන්ධයෙන් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ පුද්ගලයන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් (06) අද කෑගල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි