අද (26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට පත්වී තිබෙනවා.
ඒ අනුව අනතුරින් එක් සෙබළෙක් මියගොස් තවත් යුද හමුදා සෙබළුන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙක් බවයි වාර්තා වෙන්නේ.
