Spread the love

හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එසේ තීරණය කර ඇත්තේ ගොවි ජන නියෝජිතයින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කළ ඉල්ලීමකට අනුවය.

මෙහිදී ඇමතිවරයා කිලෝ 50 ක් ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී තිබේ.

මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40ක් පමණි.මීට අදාල චක්‍රලේඛය ලබන අඟහරුවාදා නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වී වගාවට අවශ්‍ය යුරියා සම්පූර්ණ ප්‍රමාණයම ලබා දීම සංකේතවත් කරමින් අද දින (06) මඩකලපුව ලංකා පොහොර ගබඩාවට පොහොර ලබා දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුවිය.

ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 180ක් හා කොමර්ශල් පොහොර සමාගම මෙට්‍රික් ටොන් 125ක් ඊයේ (06)මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වී වගාවට ලබා දීම සිදු කෙරුණා.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙවර වී වගාවට අවශ්‍ය පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබා දීමට අවශ්‍ය සියලුම පියවර රජය ගෙන ඇති බවයි. එමෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ඉදිරිපත් කළ හැම යෝජනාවකටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකගත්වය පළ කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මඩකලපුවදිස්ත්‍රික්කය සඳහා ඊයේ දින ලඟා වූ පොහොර තොගය අමාත්‍යවරයා මඩකලපුවදිසාපතිවරයාට බාර දුන්හ.