Spread the love

කෑගල්ල කෙලින්වීදිය ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලවි සැලකින් රුපියල් 553250 වටිනා රන් භාණ්ඩ සොරකම් කර විදේශීය යුවළක් මහනුවර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව කෑගල්ල පොලිසිය පවසයි.

ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 950 බර රන් මාල 02ක් එලෙස සොරා ගෙන තිබේ.

සැකකරුවන් (06) අද කෑගල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.